
ඩොමිනික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රී සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ ඉන් තවත් පුද්ගලයින් 160 දෙනෙකු තුවාල තුවාල ලබා ඇති බවයි.
ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙකු මියගිය පිරිස අතර වන බව සඳහන්.
වහලය කඩා වැටෙන අවස්ථාවේ එහි ගායනයේ යෙදී සිටි ප්‍රකට ගායකයෙකු සුන්බුන් අතර සිරවී සිටි බව වාර්තා වනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී විශාල පිරිසක් එහි රැඳී සිට ඇති අතර සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා 400ක පිරිසක් කටයුතු කරමින් සිටිනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.