
ලන්ඩනයේ සංගීත සංදර්ශනයකට සහභාගී වීමට ගිය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට එරටදි විරෝධතාවයක් එල්ල වී තිබෙන බවට වාර්තා වනවා.
ඒ එරට ලන්ඩනයේ වෙසෙන එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් විසින්.
යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ දියණිය වීම ඊට හේතුව වී ඇති බවයි පැවසෙන්නේ.
‘ප්‍රසන්න ද සිල්වා යනු ජන සංහාරයකට වරදකරු වන යුද අපරාධකරුවෙකි. ඔහුට ප්‍රශංසා කරන ඕනෑම අයෙකු ඔහුගේ අපරාධ සඳහා සුදුහුණු ගෑමට උත්සාහ කරයි’ යයි විරෝධතාකරුවෙකු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.