
ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයන බලය සමගි ජන බලවේගය ලබා ගන්නා බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා පවසනවා.
පලනි දිගම්බරම් මහතා ඒ බව කියා සිටියේ (23) දින ඉදිරියේදී පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඒ මහතා නායකත්වය දරන කම්කරු ජනතා පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විම පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.
ජනාධිපතිවරණයේදි සහ මහා මැතිවරණයේදි වතුකරයේ ජනතාව ජාතික ජන බලවේගයට ජන්දය ලබාදුන් නමුත් එම ජන්දය ලබාදුන් ජනතාවට ජනාධිපතිවරයාගෙන් හෝ වත්මන් රජයෙන් කිසිදු පොරොන්දුවක් ඉටු නොවිම නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේදි වතුකරයේ ජනතාව එම පක්ෂයට ජන්දය ලබා නොදීමට තිරණය කර ඇති බවයි.
පා.මවරුන්ගේ ආරක්ෂාව අඩු කර ඇති බවත්, එම තත්ත්වය මත මන්ත්‍රිවරුන්ගේ ජිවිත වලට අවධානමක් මතු වි ඇති නිසා මන්ත්රිවරයෙකුට යම් දෙයක් සිදුවුවහොත් එහි වගකිම වත්මන් රජය භාරගත යුතු බවයි.
වතුකරයේ ජනතාව නියෝජනය කල දමිල මන්ත්‍රිවරුන් පසුගිය කාලය තුල කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කර නොමැති බවට ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරුන් කියා සිටියද අද වතුකරයට ඔවුන් ගමන් කරන්නේ එම මන්ත්‍රිවරුන් වතුකරයට පිවිසෙන මාර්ග සංවර්ධනය කල නිසා බවයි.
වතුකරයේ ජනතාවගේ නිවාස ගැටළුව විසදිමට තමන් කටයුතු කල බවත්, වත්මන් රජයෙන් එවැනි කිසිවක් බලාපෙරොත්තු විය නොහැකි බවද පලනි දිගම්බරම් මහතා කියා සිටියා.
විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු රජය විවේචනය කලහොත් පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රිවරුන්ට ලබාදෙන වරප්‍රසාද කප්පාදු කිරිමට වත්මන් රජය කටයුතු කරන බවත්, එවැනි දේ කිරිමෙන් රජය සංවර්ධනය කල නොහැකි බවත් පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියා.