
පොළොන්නරුවේ පිහිටි එක් සහල් මෝලක් සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වෙලඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
එම සහල් මෝල විසින් රජයේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරමින් ඇති බවත් පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බවද කියා සිටියා.
අදාල සහල් මෝල සඳහා බිලියන 15ක් රජය විසින් ණය ලබා දී ඇති බවත් එම ණය මුදලින් ගොවියාගෙන් වී ලබාගෙන මෙසේ කටයුතු කරන බවටද ඔහු චෝදනා කළා.
අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමින් ඔහු මේ අදහස් පළ කළා.