
ජපානයේ වෙන්දේසි වල වාහන මිල ගණන් ඉතා වේගයෙන් ඉහළමින් ඇති බව මෙරට වාහන ආනයනකරුවන් පවසනවා.
ඊට හේතු වී ඇත්තේ මෙරට වාහන ඉල්ලුම්කරුවන් විසින් දැඩි තරගකාරීත්වයක් යටතේ ලන්සු ඉදිරිපත් කිරීම බවද ඔවුන් පෙන්වා දෙනවා.
ඇතැම් ජනප්‍රිය වාහන වර්ග කිහිපයක්ම මේ වන විට වෙන්දේසි වල සොයා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.
වාහන ආනයනය විවෘත කර මුල් දිනවල සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 98ක් පමණ වූ වාහනයක් අද වන විට මෙම ලන්සු ඉදිරිපත් කිරීමේ තරගකාරීත්වය මත ලක්ෂ 125 ඉක්මවා යමින් ඇති බවද ඔවුන් කියා සිටියා.
ඒ අනුව ඉදිරියේදී මේ රටට පැමිණෙන වාහන තවදුරටත් ඉහල මිලක් ගනු ඇතැයිද ආනයනකරුවන් වැඩිදුරටත් පවසනවා.