
ඉදිරි ජුනි මාසය වන විට, උණ්ඩියල් ගනුදෙනුකරන සියලු ආයතන මහ බැංකුවේ ලියාපදිංචි විය යුතු බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පවසනවා.
එසේ නොවන්නේ නම්, එම ආයතන අනීතික ලෙස සැළකෙන බවද ඔහු අවධාරණය කළා.
මහ බැංකුව විසින් 2024 ජුනි මාසයේ සම්පාදනය කරන ලද නීති රෙගුලාසි අනුව මෙම පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කර සිටියා.
සිය සමාජ ජාල ගිණුමේ පළ කළ සටහනක් තුළින් ඔහු මෙම අදහස් ප්‍රකාශයට පත් කර තිබුණා.