
විදේශ අමාත්‍ය විජිත හේරත් හෙට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතයි.
ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි සැසිවාරයට සහභාගී වීමට ඇමැතිවරයා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සංචාරය අතරතුර, ඇමැතිවරයා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු රාජ්‍ය ලේකම්, හයිබරි හි අතිගරු කොලින්ස් සාමිවරයා සමඟ ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබෙනවා.
ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්, පලස්තීන රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වර්සන් අගබෙකියන් සහ තවත් නායකයන් ද හමුවී තිබෙනවා.