
රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.
සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ, අද (02) දිනයේ ද ඉන්ධන බෙදා හැරීම යථා තත්ත්වයෙන් සිදුකරන බවයි.
බස්නාහිර පළාතෙන් මේ වනවිට ඉන්ධන ඇණවුම් 500කට ආසන්න ප්රමාණයක් ලැබී ඇති බවද, ජනතාව අවිශ්වාසයෙන් පිරවුම්හල් වෙත දිව නොදුවන ලෙසයි සභාපතිවරයා අවධාරණය කළේ.
“රටේ තෙල් නැතිවීමේ ගැටලුවක් නෑ. කටකතාවලට බියවෙලා ජනතාව ඉන්ධන පිරවුම්හල්වල රැඳුනොත් එවැනි තත්වයක් ඇතිවිය හැක,” යැයිද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළා.
එහි අමතරව, ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා පෙර ලබාදුන් 3% කොමිස් මුදල ඊයේ සිට අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.