
ඉන්දියාව සමග එක්ව ක්‍රියාත්මක කිරීමට යෝජිතව පැවති සුළංවිදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව ආණ්ඩුව කුමක් කරනු ඇත්දැයි තමා බලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නවදිල්ලි අගනුවර පැවැත්වෙන ‘NXT ජාත්‍යන්තර සමුළුව’ සඳහා එක්ව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එහි පැවති සම්මුඛ සාකච්ඡාවකදී මේ බව කියා සිටියා.
මෙම සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
සමුළුව අවසානයේ පැවති සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දැක්වූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා,
“අගමැති මෝදි සහ මම සාකච්ඡා කළේ අපේ ගිවිසුම් සහ ව්‍යාපෘති එක්ව සිදුකරන්න. අපේ මූලික අදහස වුණේ ඉන්දියාවට පුනර්ජනනීය බලශක්තිය අලෙවි කරන්න.
අපි උත්සාහ කළේ ගිගා වොට් 25ක් හෝ 50ක් ලබාදෙන්න. දෙවනුව ත්‍රිකුණාමලය කලාපීය සැලසුම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීම.
නාගපට්නම් තුළින් එන තෙල් නළ හරහා අපි එම ස්ථානයේ පිරිපහදුවක් හදලා ඒක සංවර්ධනය කරනවා.
අපි බැලිය යුතුයි ඒ කොරිඩෝව සංවර්ධනය කරන්නේ කොහොමද කියලා. අපි එය තමිල්නාඩුවේ මදුරායි දක්වා සම්බන්ධ කළ යුතුයි. මේවා තමයි ඒ සම්බන්ධ ප්‍රශ්න.
අවාසනාවට අපේ පළමු ව්‍යාපෘතිය වුණ සුළංවිදුලි ව්‍යාපෘතියට ප්‍රශ්නයක් ආවා. මම හිතන්නේ එම ව්‍යාපෘතිය සිදුකළ යුතුයි. නව රජය කුමක් කරයිද කියලා අපි බලන් ඉන්නවා.
ප්රශ්නය –
අපි දැක්කා මාස කිහිපයකට පෙර චීනයෙන් ලංකාවට පර්යේෂණ නැව් වගයක් ආවා. ඉන්දියාවේ අවධානය ඊට යොමු වුණා ?
රනිල් වික්‍රමසිංහ මහතා –
චීනය සහ තවත් රටවල් කිහිපයක් පර්යේෂණ නෞකා එවලා තිබුණා. මම එය නවත්වලා අධ්‍යයනය කළා. එහිදී අපි දැක්කා අනිත් රටවල් පර්යේෂණ කරනවා.
නමුත් අපිට කිසිම වාණිජ ප්‍රතිලාභයක් නැහැ. වාණිජ ප්‍රතිලාභයක් ලැබෙන විදිහට අපි නීතියක් ගෙන ආ යුතුයි.
පාර්ලිමේන්තුව ඒගැන බලයි කියලා මම හිතනවා. මම හිතන්නේ ඊට වඩා පුළුල්ව. ඇයි කිසිම වාණිජ ප්‍රතිලාභයක් නැතුව අපේ මුහුදට එන්න ඉඩ දෙන්නේ?
ප්රශ්නය – චීනය සහ ඉන්දියාව රණ්ඩු කරද්දි ඔබට වාසියක් තියෙනවාද?
ඉන්දියාව දන්නවා සෙල්ලම කරන්න ඕන විදිහ. ඉතින් අපි කොහොමද සටනකට මැදිවෙන්නේ?, ඔයාලා ඔයාලගේ සෙල්ලම කරනවා. අපි අපේ සෙල්ලම කරනවා.