
ඉන්දියාවේ ජනප්‍රිය ගායිකාවක් වන ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු වී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබෙනවා.
ශ්‍රෙයා ගෝෂාල් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය රසිකයන්ට මේ බව දැනුම් දී ඇත.
ඇය පවසා ඇත්තේ , සිය X ගිණුම පසුගිය පෙබරවාරි මස 13 වන දින සිට සයිබර් ප්‍රහාරයකට හසුවී ඇති බවයි.
එය නැවත් සිය පාලනය යටතට ගැනීමට උත්සහ කළ ද එය ව්‍යාර්ථ වූ බව ඇය පවසා තිබෙනවා.
එබැවින් ඇය සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ X ගිණුමෙන් පළ කරන කිසිදු පොස්ටුවකට, සටහනකට, පණිවුඩයකට හෝ දැනුම්දීමකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලෙසටයි.