
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති පිරවුම්හල් විදේශ සමාගම්වලට ලබාදීමට රජය උත්සාහයක නිරත වන්නේ යැයි සැකයක් ඇතිව තිබෙන බව ඉන්ධන බෙදුම්කරැවන්ගේ සංගමය පවසනවා.
රජය ඊට අදාළව විවිධ උත්සාහ දරමින් සිටින බව සංගමයේ උපසභාපති කුසුම් සඳනායක මහතා කියා සිටියා.
මේ වන විට ඉන්ධන බෙදුම්කරුවන්ට ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලට ගොස් සංදේශයක් බාර දීමට අද දිනයේ කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළා.