
මාර්තු 3 වනදා නිකුත් කළ නිවේදනයක් අනුව, 336 පළාත් පාලන ආයතන සඳහා තැපැල් ඡන්දය භාර ගැනීමේ කාල සීමාව මාර්තු 12 වන දින මධ්‍යම රාත්‍රි 12.00ට අවසන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසූයේ, මෙම කාල සීමාව දිර්ඝ නොකරන බවයි.
අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.elections.gov.lk) ඔස්සේ බාගත කළ හැකියි.
තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම් කළ හැක්කේ:
- රාජකාරී හේතුවෙන් පෞද්ගලිකව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි රජයේ නිලධාරීන්
- විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලය
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, තැපැල්, දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්
- ත්‍රිවිධ හමුදාවන්, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්
අයදුම්පත් ඉදිරිපත් කිරීම
- අයදුම්පත් පෞද්ගලිකව පරීක්ෂා කර සහතික කිරීමේ අවශ්‍යතාව ඇත.
- සහතික කළ අයදුම්පත්, 2025.03.12 හෝ එදිනට පෙර, අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදිය යුතුයි.
- අවසන් දෙදින තුළ, අයදුම්පත් තැපෑලට නොව, මැතිවරණ කාර්යාලයට සෘජුව භාරදිය යුතුයි.
වෙබ් අඩවිය හරහා ඔන්ලයින් හරහා අයදුම්පත් සම්පූර්ණ කළ හැක. ජාතික හැඳුනුම්පත් අංකයක් නොමැති අය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල,දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, පළාත් පාලන ආයතන, ග්‍රාම නිලධාරී කාර්යාල වලට පිවිසිය යුතුය.
මැතිවරණ කොමිෂන් සභාව සියලු සුදුසුකම් ලැබූ අය මෙම අවසන් දිනය නියමිතවම පිළිපදිමින්, කාලසීමාවෙන් පෙර අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස අවධාරණය කර සිටිනවා.