
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාට තමන්ගේ ප්‍රකාශය හරහා සිදුවූ අපහාසය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
ඒ අනුව එතුමාගෙන් සහ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගෙන් ද තමා සමාව ඉල්ලා සිටින බවයි අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
තමන්ගේ ප්‍රකාශය හරහා එවැනි අපහාසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවූ බවත්, තමන්ට ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූයේ එවැනි කොටස් අතර ද වෛරය වැපිරීමට රජය කටයුතු කර ඇති බව යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
තමන් පෞද්ගලිකව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා හමුවී කණගාටුව ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.