
සමගි ජන බලවේග වෘත්තීය සමිති නායක ආනන්ද පාලිතට පසුගිය යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි සිට අනීතික ලෙස රු. ලක්ෂ 31කට අධික අතිකාල දීමනා ගෙවා ඇතැයි නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැති තෙල් පිරවුම්කරුවෙකු වූ ඔහු 2015 වසරේ ඛනිජ තෙල් සංස්ථා අධ්යක්ෂ මණ්ඩලයට පත්කර ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.
යම් සේවකයකු පූර්ණකාලීනව වෘත්තීය සමිති කටයුතු සඳහා මුදා හරිනවා නම් එම වෘත්තීය සමිතියේ සාමාජිකයන් 1000ක් සිටිය යුතු වුවද 2015 වන විට ආනන්ද පාලිත කටයුතු කළ වෘත්තීය සමිතියේ සිට ඇත්තේ සාමාජිකයන් 650ක් බව ද අනුර කරුණාතිලක වැඩි දුරටත් අනාවරණය කළා.