
රථවාහන අංශවල රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ගෙවීම් වැඩිකිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, අදාළ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල් 2025.02.01 වන දින සිට බලාත්මක වන පරිදි 25% කින් වැඩිකර ගෙවීම් කටයුතු සිදුකරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, ක්ෂේත්‍ර රාජකාරි වල නියැලෙන රථවාහන අංශ ස්ථානාධිපතිරුවන්, ක්ෂේත්‍ර රාජකාරි හා කාර්යාල රාජකාරියේ නියැලෙන පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන් සඳහා ද ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන පොලිස් කොස්තාපල් රියදුරුවරුන් සඳහාද ත්‍යාග මුදල් වැඩිකර ගෙවීම සිදුකරනවා.
තවද, මෙසේ ගෙවනු ලබන දීමනා ප්‍රමාදයකින් තොරව ගෙවීමට කටයුතු කරන ලෙසටද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් මෙමඟින් දැනුම් දී තිබෙනවා.
එමෙන්ම එම නිලධරයන් ඇගයීමට ලක් කිරීම හා අභිප්‍රේරණය කිරීම තුලින් රාජකාරි කටයුතුවල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ බව එම නිවේදනයේ සඳහන්.
රථවාහන අංශවල රාජකාරි ඉටු කරනු ලබන පොලිස් නිලධරයන් මාර්ග නීති උල්ලංඝණය කිරීම්, රිය අනතුරු, අධික වේගයෙන් රිය ධාවනය හා බීමත්ව රිය පැදවීම ඇතුළු වාර්තා වන රථවාහන වැරදි අවම කර ගැනීම සඳහා උපරිමයෙන් කටයුතු කරනු ලබන බව පොලීසිය සඳහන් කළා.