
හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගේ කණ්ඩායමක් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ, ඔහු එතැනින් පලා ගොස් ඇති බව වාර්තා වනවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමකට සබැඳුන නීතිවිරෝධී ලේඛන සකසා අලෙවි කළ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක් ආශ්රයෙන් මෙම අත්අඩංගුවට ගැනීමේ කටයුතු ආරම්භ කර තිබුණා.
පොලිසිය විසින්, නිවසේ සිටි ඔහුගේ බිරිඳ සහ රියදුරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
දැනට, හිටපු රාජ්‍ය ඇමතිවරයා තම ජංගම දුරකථනය සක්‍රිය නොවූ තත්වයකින් සැඟව සිටින බවටද පොලිස් අංශවලින් තහවුරු වී තිබෙනවා.
අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට යොමුකර ඇති බවද වාර්තා වනවා.