
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා මෙතෙක් ඇප තැන්පත් භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් ව ඇත්තේ පසුගිය 03 දිනෙන් ආරම්භ වූ ඇප තැන්පත් භාර ගැනීමේ ක්රියාලිය අනුව ඊයේ (06) දින පස්වරු 4.15 දක්වා කාලය තුළ පළාත් පාලන ආයතන 88ක් සඳහා ඇප තැන්පත් කිරීම් සිදුව ඇති බවයි.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 38ක් එම පළාත් පාලන 88ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර තියෙනවා.