
රටේ පවතින පොල් හිගය මත දේශීය පොල්තෙල් නිෂ්පාදන ආයතන රැසක් වැසී ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් 450,000කගේ පමණ රැකියා අහිමිව ඇති බව පැවසනෙවා.
මෙරට පොල් පලදාවෙන් සැලකිය යුතු කොටසක් අපනයනය කිරීම නිසා එම තත්වය මෙම දේශීය පොල්තෙල් නිෂ්පාදනයට බාධාවක් වී තිබෙනවා.
මේ අතර පොල්තෙල් නමින් ආනයනය කරන පාම් තෙල් හෝ වෙනත් තෙල් වර්ග සඳහා අත්‍යවශ්‍ය ලේබලය යටතේ වැට් බදු අය නොකරන බව ද සඳහන් වනවා.
එසේ තිබියදී දේශීය පොල්තෙල් වෙනුවෙන් 15% ක් වැට් බදු ගෙවීමට සිදුව තිබීම අසාධාරණයක් බවයි එම කර්මාන්තකරුවන් පවසා සිටින්නේ.
එය දේශීය කර්මාන්ත පවත්වාගෙන යන අයට බාධාවක් බවත් එම කර්මාන්ත ඇනහිටීමට තරම් හේතුවක් වී තිබෙන බව පාරම්පරික දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් පෙන්වා දෙනවා.