
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්න තෝමස් විද්‍යාලය අතර පැවැති 146 වැනි නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජය ගැනීමට සාන්න තෝමස් විද්‍යාලය අද (08) සමත් වුණා.
මෙම තරග තෙදිනක් පුරාවට කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවත් වුණා.
මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම මහ ක්‍රිකට් තරගය වන 146වැනි නිල් මහ සටන ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 319ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගල්කිස්ස සාන්න තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 302කි.
ලකුණු 17ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ඇරඹූ කොළඹ රාජකීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 215ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවේ ගල්කිස්ස සාන්න තෝමස් විද්‍යාලයට ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමිනි.
සුපිරි පන්දුයැවීමක නිරත වූ ගල්කිස්ස සාන්න තෝමස් විද්‍යාලයේ ඩේරියන් දියේගෝ අද කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර ඔහු ලකුණු 40කට කඩුලු 5ක් දවා ගනු ලැබුවා.
ලකුණු 233ක ඉලක්කයක් හඹාගිය ගල්කිස්ස සාන්න තෝමස් විද්‍යාලය 3වැනි දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී නිල් මහ සටන ජය ගැනීමට සමත් වුණා.