
මගී ප්රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙකු බස් රථයෙන් ඇද වැටී මියගොස් තිබෙනවා.
ඊයේ (10) දහවල් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ රුවන්වැල්ල පොලිස් වසමේ හුඹස්වලාන ප්රදේශයේදීය.
රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය වූ මගී ප්රවාහන බස් රථයකින් එම පුද්ගලයා වැටී තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, හුඹස්වලාන, රුවන්වැල්ල ප්රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙක්.
මරණකරු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාපුවරුවෙහි වාඩි වී ඇති බවත්, ඒ සමඟම පාපුවරුවෙන් ඇද වැටී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසා සිටිනවා.
මෘත ශරීරය කරවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.