
“X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසා සිටිනවා.
ඒ් හේතුවෙන් බ්‍රිතාන්‍ය යේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ දහස් ගණන් එක්ස් ගිණුම් ඇණ හිට ඇති බව වාර්තා වනවා.
සිය “X” ගිණුමේ සටහනක් තබමින් ඉලෝන් මස්ක් පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි ප්‍රහාර එල්ල වන අතර ඊයේ දිනයේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.
ඒ හේතුවෙන් පැය 6කට ආසනන්න කාලයක් අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍ය යේ “X” සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබූ බව වාර්තා වනවා.