
උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිසුවෙකු දණගස්වා, පන්තියේ තවත් සිසුවියක ලවා එම සිසුවාට පහරදීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම සිදුවීම මෙන්ම ඔහු සිය පන්ති කාමරය තුළදී තවත් සිසුන්හට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවන් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබෙනවා.
ඒ අනුව සිසුන්ට පහරදුන් එම ගුරුවරයාට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඊයේ (11) ප.ව. 2ට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන නමුත් එම දැනුම්දීම ඔහු මඟහැර ඇති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබෙනවා.