
අඟුණුකොළපැලැස්ස අබේසේකරගම මාර්ගයේ කීරියගොඩැල්ල මංසංධියේ අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති ගුවන් පාලම යට තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සැකකරන්නේ, අදාළ තරුණයාව ඝාතනය කර පාලමෙන් බිමට දමන්නට ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි අබේසිංහ විජේනායක සංදීප ලක්ෂාන් නැමති තරුණයෙක්.
මෙම අභිරහස් මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන අඟුණුකොළපැලැස්ස පොලීසිය විසින් සිදුකරනු ලබනවා.