
සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේදී සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (12) රාත්‍රියේ සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 568 මිලිග්‍රෑම් 220 ක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර මෙම යුවළ යතුරු පැදියකින් මෙම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බව පොලීසිය පවසා සිටිනවා.
සැකකරු වයස අවුරුදු 31 හා සැකකාරිය වයස අවුරුදු 40 ක් වන වෑබඩ හා මිනුවන්ගොඩ ප්‍රදේශ වල පදිංචිකරුවන් වනවා.
සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබනවා.