
කොකේන් ගණුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ස්ටුවඩ් මැක්ගිල් වරදකරු කර තිබෙනවා.
ඒ නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් අධිකරණය මගින්.
54 හැවිදරිදි මැක්ගිල් හිටපු පාඳග පන්දු යවන්නෙක් වන අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 කට සහභාගී වී කඩුලු 208 ලබාගෙන තිබෙනවා.
මොහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ කොකේන් කිලෝග්‍රෑම් එකක් සම්බන්ධ ඩොලර් 330,000ක ගනුදෙනුවක පුරුකක් ලෙස ක්‍රියා කල බවටයි.
වාර්තා වලට අනුව MacGill මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ඔහුගේ මස්සිනා වන Marino Sotiropoulos අතර ගනුදෙනුව සඳහා පහසුකම් සැලසූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙම හමුව සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ අවන්හලක් තුළ සිදු වූ බව වාර්තා වේ.
මැක්ගිල් පාර්ශව දෙක හඳුන්වා දුන් බව පිළිගත් අතර, ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සිදුවන බවට තමා නොදන්නා බවයි.
නමුත් තමන් මීට පෙර කොකේන් ග්‍රෑම් භාගයක් ඩොලර් 200 කට පුද්ගලිකව අලෙවි නියෝජිතයාගෙන් මිලදී ගත් බව ද ඔහු පිළිගනු ලැබුවා.
ජූරි සභාව මැක්ගිල්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ දැනුවත්භාවයෙන් තොරව මෙතරම් විශාල මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සිදුවනු ඇතැයි සිතිය නොහැකි බවයි පවසා සිටියේ.
කෙසේ වෙතත්, ඔවුන් කොකේන් කිලෝග්‍රෑම් එක සැපයීමට සෘජුවම සම්බන්ධ බව කියන චෝදනාවෙන් ඔහුව නිදහස් කළ අතර ඒ වෙනුවට, සැපයුම් ක්‍රියාවලියට සහභාගී වීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වුණා.
මැක්ගිල්ට දඬුවම් නියම කිරීම සති අටකට කල් දමා ඇති අතර වරදකරු වුවහොත් ඔහුට බරපතල නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි සදහන් වන්නේ.