
අද පැවති සත්ව සංගණනය ඉතා සාර්ථකව සිදු වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න මහතා සඳහන් කරනවා.
ඒ සඳහා ලක්ෂ ගණනක ජනතාවක් ඉතා උනන්දුවෙන් සම්බන්ධ වූ බවද ඔහු කියා සිටියා.
පර්චස් 60 ක පමණ වූ තම කුඩා ඉඩමේද බිරිඳ සහ පුතා සත්ව සංගණනය සිදුකර ඇති බවත් එහි රිලවුන් තුන්දෙනෙකු සිටි බවත් ඔහු සඳහන් කළා.
මෙම සංගණනය සඳහා සහයෝගය ලබා දුන් සියලුම ජනතාවට, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය ආයතන ඇතුළු සියලු දෙනාටම තමන් ස්තුතිවන්ත වන බවද ඔහු කියා සිටියා.