
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා.
අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළා.
පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස අද දිනයෙන් ආරම්භ වන අතර නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා.
මෙතෙක් ඒ සඳහා අයදුම් නොකළ සුදුසුකම් ලත් අයදුම්කරුවන්, සිය තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙනවා.
අදින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග කටයුතු සඳහා බාධාවක් නොවන ආකාරයෙන් නාමයෝජනා භාරදීමේ කටයුතු සිදුකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.