
ජාතික ජන බලවේග ආණ්ඩුව සෑම පවුලකටම මෝටර් රථයක් සහ පුස්තකාලයක් තබා ගත හැකි තත්ත්වයක් නිර්මාණය කරන බව ඇමැති සුනිල් සෙනෙවි පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියා.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ වැයශිර්ෂය සම්බන්ධ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ මෙවැන්නක්.
“මම කැමැතියි කවියක් මතක් කරන්න. ප්‍රියංකාරගේ බන්දුල ජයවීර කවියා මෙහෙම ලිව්වා. තාත්තේ ඇයි අපිට කාර් එකක් නැත්තේ? පුතේ ඒ අපිට පුස්තකාලයක් තියෙන නිසා. ඒක ලස්සන වගේ පෙනුණට වේදනාබර කවියක්. කාර් එකයි පුස්තකාලයයි සෑම පවුලකටම අයිති වෙන්න තිබුණු තත්ත්වය විනාශ කරපු ආණ්ඩු තමයි මෙතෙක් තිබුණේ. කාර් එකකුයි පුස්තකාලයකුයි දෙකම තියා ගන්න පුළුවන් ලස්සන පවුලක් ජාතික ජන බලවේගය යටතේ නිර්මාණය කරනවා”