
බරපතල ආර්ථික අර්බුදයකට මැදිවී සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම තත්වයෙන් පියමං කර ගැනීම සදහා එහි කළමණාකාරීත්වය විසින් විකල්ප ක්‍රම කිහිපයක් සහිත ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.
ගුවන් සමාගමට පෞද්ගලික අංශයේ මැදිහත්වීමද ඉන් එකක්.
නමුත් රජය මේ වන විට ජාතික ගුවන් සේවයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බැවින් ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැති බව වාර්තා වනවා.
ගුවන් සමාගමේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි රජය පූර්ණ අවධානය යොමු කර ඇති අතර ගුවන් සේවය ප්‍රාග්ධන වෙළඳපොළවලින් ස්වෛරී ඇපකරයක් සහිත බැඳුම්කරයක් හරහා ණය ලබා ගෙන තිබෙනවා.
ජාතික ගුවන් සේවයේ ණය පියවීම සඳහා රජය අයවැයෙන් රුපියල් බිලියන 20 ක් ද වෙන් කර ඇති බවයි පැවසෙන්නේ.