
බියර් තොගයක් ප්රවාහනය කරමින් තිබූ ලොරියක් අනතුරට ලක්වී තිබෙනවා.
හයිලෙවල් මාර්ගයේ ගැටහත්ත ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර හේතුවෙන් ටික වේලාවක් යන තුරු මාර්ගය දැඩි වාහන තදබදයක් ඇති වී තිබුණා.
අනතුරෙන් පාරේ විසිරී තිබූ බියර් බෝතල් එකතු කර ගැනීම සඳහා එහි රැස්ව සිටි පිරිස උනන්දුවෙන් කටයුතු කළ බවයි වාර්තා වන්නේ.