
මාස 9කට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගත කළ නාසා ගගනගාමී දෙදෙනා පෘථිවිය බලා පැමිණෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ගගනගාමීන් වන සනි විලියම්ස් සහ බුච් විල්මෝර් දිගුකාලීන මෙහෙයුමකට එක්ව සිටියදීයි.
ඔවුන්ට එක්ව තවත් අමෙරිකානු ගගනගාමියෙකු සහ රුසියානු අභ්යාවකාශගාමියෙකුද එක්ව පෘථිවියට පිටත් වී ඇත්තේ පෙරේදා (16) ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වූ ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය මගින්.
පෘථිවියට නැවත පැමිණීම පිළිබඳ අදහස් පළ කරමින් සනි විලියම්ස් සඳහන් කළේ, දිගු කාලයක් අභ්‍යාවකාශයේ ගත කිරීමෙන් පසු, ඇවිදීමේ හැකියාව පවා අමතකව ඇති බවයි.