
රජයේ විගණන කටයුත්තක් සඳහා ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව මහතාගේ සමාගමකට ටෙන්ඩරයක් ලබා දී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී න් මුජිබුර රහුමාන් මහතා පවසනවා.
අදාළ ටෙන්ඩරය මුලින් හිමි වූ සමාගමේ ලිපි ගොනුව අස්ථානගත වූ බව පවසමින් යලි ටෙන්ඩර් කැදවා හුළංගමුව මහතාගේ සමාගමට ලබා දී ඇතැයිද ඔහු චෝදනා කළා.
ඔහු මේ බව සඳහන් කළේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.
චෝදනාවට ප්‍රතිචාර දක්වමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුවගේ සමාගමකට පද්ධති විගණන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීමේදී ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමක් සිදුවී නොමැති බවයි.
සුදුසුකම් ලත් ඕනෑම සමාගමකට හිමිකාරිත්වය නොසලකා කොන්ත්‍රාත්තු ප්රදානය කරන බවත් ඔහු කියා සිටියා.
‘ජනාධිපතිවරයාගේ උපදේශකවරයා සතු බව කියන සමාගමකට කොන්ත්‍රාත්තුවක් ප්රදානය කර ඇති බවට විපක්ෂය චෝදනා කළා. කෙසේ වෙතත් කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීමේදී කිසිදු ක්‍රියා පටිපාටි උල්ලංඝනයක් සිදුවී නැහැ. ඕනෑම කෙනෙකුට අයත් සමාගමකට සුදුසුකම් තිබේ නම් කොන්ත්‍රාත්තුවක් ලබා ගත හැකියි. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සතු සමාගම් ගණනාවකට රජයේ කොන්ත්‍රාත්තු ගණනාවක් ප්රදානය කර තිබෙනවා. මම ඔවුන්ගේ නම් හෙළි කරන්න කැමති නැහැ’