
කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ඉපැයු වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග වසර ගණනාවක් ගනුදෙනු කර ඇති බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු දැනට කොළඹ මහාධිකරණයෙන් අධි චෝදනා ලැබ සිටින පුද්ගලයකු බවත්,රක්ෂිත බන්ධනාගාර ගත සැකකරු රුපියල් මිලියන දහයක හංසමාලීට ලබාදීම,හංසමාලී නමින් ලියාපදිංචි බි එම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථය ජාවාරම්කරුගේ නිවසේ දැනටත් පැවතීම සහ එම රථයට හංසමාලී විසින් රුපියල් මිලියන විස්සක ලිසින් පහසුකමක් ලබාගෙන තිබීම යන කරුණු මත හංසමාලී සම්බන්ධයෙන් සාධාරණ සැකයක් උද්ගත වී ඇති බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
පාරිභෝගිකයින් 34786 කට ක්‍රීම් වර්ග විකුණා ඇති හංසමාලි සැබැවින්ම අලෙවි කරන ලද්දේ ක්‍රීම් වර්ග ද නැතහොත් වෙනයම් දෙයක්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කරන බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළා.
පියුමී හංසමාලිගේ ක්‍රීම් මිලට ගන්නා ගනුදෙනුකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් ව්‍යාපාරයන්ට බාධා එල්ල කරන බවට ගොනු කළ මෝසමක් කැඳවූ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කළා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ මෙම මෝසෙම කැඳවනු ලැබුවා.