
ලෝක බොක්සිං වළල්ලේ දැවැන්තයෙකු මෙන්ම මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු ද වන හෙවිවේට් ක්රීඩක අමෙරිකාවේ ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසනවා.
ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු වන ෆෝමන් මිය යනවිට 76වන වියේ පසුවුණා.
බොක්සිං වළල්ල තුළ ‘බිග් ජෝර්ජ්’ ලෙසින් හැදින්වෙන ඔහු අඩි 6යි අඟල් 3ක් උසැති දේහදාරී ක්රීඩකයෙක්.
1968 ඔලිම්පික් උළෙලේදී ඔහු ඔලිම්පික් රන් දිනාගැනීමට සමත්වුණා.
එමෙන්ම දෙවරක් ලෝක හෙවිවේට් ශූරතාව දිනාඇති ඔහු ලොව වයස්ගතම හෙවිවේට් ලෝක ශූරයාද වනවා.
ඔහු පළමු ශූරතාව දිනා වසර 21කට පසු එනම් වයස අවුරුදු 45දී දෙවන ශූරතාව දිනාගෙන තිබෙනවා.
මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු වන ෆෝමන් 1974 පැවති ජනප්රිය ‘Rumble in the Jungle’ තරගයේදී තියුණු සටනකට පසු පරාජය වුණා.
ෆෝමන්ගේ වෘත්තීය බොක්සිං දිවිය තුළ තරග 81කින් තරග 76ක්ම ජයග්රහණය කර තිබෙනවා.
ඉන් තරග 68ක්ම ‘Knockout’ ජයග්රහණ වීම විශේෂත්වයක්.
ෆෝමන් 1997 දී ක්රීඩාවෙන් විශ්රාම ගියා.