
සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතා පත්කර තිබෙනවා.
ඒ මහතාව පත්කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය පවසා සිටියේ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරීම බවයි. එම ගමන උදෙසා හනීෆා මහතාව ඉදිරිපත් කරන බවයි.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, හනීෆා මහතා පොදුජනවාදී වෘත්තිකයකු බවයි.
දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් ඔහු උගතෙක් බව ප්‍රකාශ කළා.
හනීෆා මහතා මීගමුව, අම්පාර හා ශ්‍රී ජයවර්ධනපුර යන රෝහලහි සේවය කළ අයෙකු වන අතර, කැලණිය හා කොළඹ වෛද්‍ය පීඨයන්හි ඉගැන්වීම ද සිදු කරනු ලබනවා.
පවුල් සෞඛ්‍ය විෂය සම්බන්ධ කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරන හනීෆා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ පවුල් සෞඛ්‍ය විෂය ස්ථාපිත කළ ආරම්භක සාමාජිකයෙකුද වනවා.