
දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරක් පදනම් කරගෙන 21 දින දඹුල්ල ,D4 ඇල අතුපාරයාය ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මහ පරිමාන කසිප්පු ස්කාගාරයක් අල්ලා ගැනිමට පොලිසිය දඹුල්ල සමත් වී තිබෙනවා.
ස්කාගාර හිමිකරු මෙවර දඹුල්ල මහ නගර සභාවට තරග කරන පුද්ගලයෙකු බවත් ඔහු කලක් තිස්සේ ඉතා සුක්ෂම අයුරින් මෙම ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බවත් සොයාගෙන තිබෙනවා.
මෙම වැටලිමෙන් ගොටා මිලිලීටර් ලක්ෂ 8ක් පමණ හා කසිප්පු ස්පීත්තු මිලිලිටර් 15000ක් අඩංගු බෝතල් 20ක කෑන් එකක් දඟර දෙකක් බැරල් 4ක් ඇතුළු උපකරණ පොලිස් බාරයට ගැනිමට පොලිසිය සමත් වුණා.
මෙම නිවසේ හිමිකරු පැන ගොස් ඇති අතර ඔහු මෙවර දඹුල්ල මහ මහ නගර සභාවේ 24දෙනෙකුගෙන් යුතු (මාලිමා) කාණ්ඩායම නියොජනය කරන බවට ආරංචි මාර්ග පවසනවා.
අත්අඩංගුවට ගත් අපෙක්ෂකයාගේ බිරිඳ පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළැඹෙන බදාදා දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.