
කොම්පඤ්ඤවීදියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවූ සැකකරුවන් 4 දෙනා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් අද (27) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ (26) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරවූ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගත්තා.
පසුගිය දා ඇතිවූ එම ගැටුම සම්බන්ධයෙන් ඉකුත් 25 වනදා යෝෂිත රාජපක්ෂ මහතා පැය 3කට ආසන්න කාලයක් කොම්පඤ්ඤ වීදිය පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදී තිබුණා.
ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහරකෑමට ලක්වුණා.
තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගෙන තිබුණා.