
“වත්මන් ජනපති අනුර කුමාර දිසානායක අපේ තාත්තාට බැණ බැණ හයිවේ එක දිගේ යනවා දැක්කම හිනත් යනවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවසීය.
මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන්ගේ හමුවක් අමතමින්.
“වත්මන් ජනපති අනුර කුමාර කියන්නේ මාස හයෙන් ඔවුන් සියල්ල කළා කියලා. එතුමා අපේ තාත්තාට බැණ බැණ හයිවේ එක දිගේ යනවා. හැබැයි එවැනි දේශපාලනයක් අපිට නැහැ. ඉතිහාසයේ වැඩියෙන්ම වැඩ කරපු ප්‍රාදේශීය සභා, පළාත් සභා යාන්ත්‍රණය බිහි වුණේ මහින්ද රාජපක්ෂ යුගයේ. අපිට බලය ගන්න බොරු කියන්න ඕන නැහැ. චරිත ඝාතනය කරන්න ඕන නැහැ. එක් එක් අපේක්ෂකයන්ගේ පුද්ගලික ජීවිතය අපිට වැඩක් නැහැ. ඒ අයගේ දරුවන් අදින පලඳින විදිය අපිට වැඩක් නැහැ. අපි පක්ෂයක් විදියට එකිනෙකාට ගරු කරනවා. අපි ප්රතිපත්තියත් සමග ගමට යමු. අපි කරපු වැඩ සහ කරන්න තියෙන වැඩ ගැන පමණක් කතා කරමු.
අපිට වැඩ කරන්න ආණ්ඩුවක් ඕන නැහැ. අපි කෙඳිරි ගගා ඉන්නේ නැහැ ජනපති අපේ නෙවේ අගමැති අපේ නෙවේ පාර්ලිමේන්තුව අපේ නෙවේ කියලා. වර්තමාන ආණ්ඩුව කෙඳිරි ගානවා ප්‍රාදේශීය සභා එයාලගේ නෙවේ ඒ හින්දා කරන්න බැහැ කියලා. අපි කෙඳිරි ගගා හිටියේ නැහැ. අපේ වමේ ව්‍යාපාරයේ වැඩ කරපු කණ්ඩායමක්. 2018 ප්‍රාදේශීය සභා මැතිවරණය ඔබලා ජයග්‍රහණය කරන විට පාර්ලිමේන්තුව තිබුණේ නැහැ. 34ක් හෝ 35ක් මන්ත්‍රිවරු හිටියේ පාර්ලිමේන්තුවේ. වර්තමාන ජනාධිපතිවරයා එදා රනිල් වික්‍රමසිංහ සමග තිබුණ සම්බන්ධතාව මත විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වුණා. පසු කාලීනව ආණ්ඩුවේම සම්බන්ධතාවයන් මත විපක්ෂ නායක තනතුරු බෙදා ගත්තේ. හැබැයි අපි ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළා. ආණ්ඩුව අපේ නෙවේ, විපක්ෂය අපේ නෙවේ, ප්‍රාදේශීය සභාව අපේ නෙවේ කිය කිය අපි කෙඳිරි ගෑවේ නැහැ. අපි වැඩ කළා. ඒ නිසා අපි විපක්ෂයේ හිටියත් නැතත් ආණ්ඩුවේ හිටියත් නැතත් වැඩ කරන ක්‍රමය අපි දන්නවා. අද ආණ්ඩුවේ ප්‍රකාශවලින් පැහැදිලිවම සඳහන් වෙනවා ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් හැම දෙයක්ම කරන්න ඕන නැහැ කියලා. අපරාදේ ලිව්වේ. ආණ්ඩුවේ ඇමැතිවරු කියනවා ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් හැම දෙයක්ම කරන්න ඕන නැහැ කියලා. ඇයි එහෙනම් පිටු ගණන් අච්චු ගහලා වියදම් කරලා මොකටද ගෙවල්වලට බෙදුවේ.
අද ආණ්ඩුව වැඩ බැරි වෙනකොට මොකද්ද කරන්නේ? යනවා මර්දනය පැත්තට. දක්ෂ රාජ්‍ය නිලධාරීන් පැත්තකට කරලා තියෙන්නේ. අපි ජනපතිගෙන් ඉල්ලා සිටින්නේ ඒ අයගෙනුත් වැඩක් ගන්න. ඒ අය පුල් එකේ තියලා හරියන්නේ නැහැ. පොලිසිය සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා තියෙන්නේ. තමන්ගේ වේදිකාවේ හිටපු අය නිලධාරීන් බවට පත් කරනවා. දේශපාලන උවමනාවන් මත පොලිස් නිලධාරීන් මාරු කරනවා. පොලිසියේ යාන්ත්‍රණය එක රැයකින් වෙනස් කරනවා. අද පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාගේත් ජනපතිගේත් කතාවල ලොකු වෙනසක් දකින්න නැහැ. දෙන්නම කතා කරන්නේ හොරු අල්ලන්න. ජනපතිත් එහෙමයි. දෙන්නම කෙඳිරි ගානවා. පොලිස්පති අත්අඩංගුවට ගන්නකම් අර උසාවියට ගිහින් ප්‍රශ්නයක් කර ගත්ත නංගිව හෙව්වා. පොලිස්පති භාර වුණාට පස්සේ ඒ නංගිවත් අමතකයි දැන්. මේ ආණ්ඩුවේ වැඩ එහෙමයි. එකක් යට ගහ ගන්න තව එකක් ගේනවා. තමන්ගේ නොහැකියාව යට ගහන්න විවිධ විහිළු කරනවා.
දැන් මේ සතිය චාමර සම්පත්ගේ සතිය. ඊට කලින් ඩේසි ආච්චිගේ සතිය. පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවලු. ඔව් ක්‍රියාත්මක වෙන්න ඕන තමයි. අපි කවදාවත් මේ රටේ ජාතික ආරක්ෂාව දේශපාලන යාන්ත්‍රණය සමග බද්ධ කළේ නැහැ. අදත් අපේ ගමේ වෙඩි තැබීමක් සිද්ධ වෙලා තියෙනවා. හැමතැනම වෙඩි තියනවා. අපිට ජාතික ආරක්ෂාව පිළිබඳව බංකුවේ වාඩි කරලා උපදෙස් ලබා දෙන්න ආපු මහත්වරු අද එහෙම ගැටලුවක් නැහැලු. පෞද්ගලිකව දෙගොල්ලක් ගහ ගන්නවාලු. ආණ්ඩුව සම්පුර්ණයෙන් ඔවුන්ගේ වගකීම් පැහැර හරිනවා.”