
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුව අද (03) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔහු අද දුම්බර බන්ධනාගාරයේ සිට මාතර අධිකරණය වෙත විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන යාමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉකුත් 20 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.