
ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා මෑතකදී පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇති බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ ධවල මන්දිරයට ලිපිය ලැබී ඇති බව සනාථ කර ඇති බවයි.
බලපෑම අවම කිරීමේ හැකි ක්‍රම සහ ශ්‍රී ලංකාවට ගත හැකි ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා තම ලිපියෙන් ඉස්මතු කළ බව අමාත්‍යවරයා කියා සිටියා.
තීරුබදු අඩු කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ලිපියෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව ඔහු සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.