
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ හදිසි අභාවය හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවුණා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න විසින් මැතිවරණ කොමිසටම දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.