
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබා දෙන අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව අදාළ මුදල එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මේ වනවිටත් තැන්පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම 2025 අයවැය මගින් වැඩිහිටි දීමනාව ඇතුළු වැඩිකළ දීමනා ද මෙම මාසයේ සිට ගෙවීම් ආරම්භ කර ඇති බව සඳහන් වනවා.
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබු පවුල් දාහත් ලක්ෂ 37,141ක් සඳහා රුපියල් බිලියන 12යි දශම6යි 3ක් වෙන්කර තිබෙනවා.
එමෙන්ම එම පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් පන්ලක්ෂ 80,944ක් සඳහා රුපියල් බිලියන 2යි දශම 9ක මුදලක් ද ගිණුම් ගතකර ඇති බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටිනවා.