
ආබාධයක් හේතුවෙන් 2025 IPL තරගාවලියෙන් ඉවත් කරන ලද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය නායක රුතුරාජ් ගයික්වාඩ් වෙනුවට 17 හැවිරිදි ආයුෂ් මාත්රේ කැඳවා තිබෙනවා.
රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන මාත්රේ, මේ දක්වා ක්‍රීඩාකර ඇත්තේ පළමුපෙළ තරග 9ක් පමණක් වීම විශේෂත්වයක්.
එහිදී ශතක 2ක් හා අර්ධ ශතයක් රැස්කර ඇති ඔහු ලකුණු 504කට හිමිකම් කියනවා.
වැලමිටේ අස්ථි බිඳීමක් හේතුවෙන් ගයික්වාඩ්ට මෙවර තරගාවලියෙන් වෙලාසනම ඉවත්වීමට සිදුවුණා.