
පරිසරය ලස්සන කරන අපේම රටේ පරිසර මිතුරන් 200කට ආසන්න පිරිසක් එක්වී කළ අවුරුදු උත්සවය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා.
දෙරණ මාධ්‍ය ජාලයේ Derana Macroentertainment අංශය යටතේ ක්‍රියාත්මක වන “ගැස්ම” කණ්ඩායම මගින් තුන්වන වරටත් සංවිධානය කළ මෙම අලුත් අවුරුදු උළෙල, අපූරු උත්කර්ෂයකින් මරදාන පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. මෙවර එය “Maliban Presents ගැස්ම වැඩ අල්ලන අවුරුද්ද” යන නමින් වර්ණවත් වුණා.
බනිස් කෑම, පොල්ගෑම, බෝතලයට වතුර පිරවීම, වාසනා මුට්ටිය බිඳීම, සංගීත පුටු, සංගීත තොප්පි, විනෝද ඇඳුම් තරඟ, සඟයාට කිරි කැවීම, අවුරුදු කුමරා – කුමරිය තේරීම වැනි තරඟ රැසක් මෙහිදී පැවැත්වුණා.
Derana Macroentertainment සේවක මණ්ඩලයේ උපරිම සහයෝගයෙන්, දිනය පුරාම පැවති විනෝදයෙන් හා උද්යෝගයෙන් පිරුණු ක්‍රීඩා වැඩසටහන්වලට ඔවුන් සහභාගී වුණා. විශාල ත්‍යාග ප්‍රමාණයක් හා මුල්‍යමය ත්‍යාගයන්ද පරිසර මිතුරන් වෙත ලබාදීමට ගැස්ම කණ්ඩායමට හැකියාව ලැබුණා.















