
දින අනුවක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ භාරයේ සිටින හිටපු හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හමුවී තිබෙනවා.
ගම්මන්පිල මහතා පිල්ලෙයාන් හමුවී ඇත්තේ ඔහුගේ නීතිඥයා ලෙස කටයුතු කරන්නේ තමන් බව පොලිසියට දැනුම් දෙමින්.
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ අදාළ හමුව පැය බාගයක පමණ කාලයක් පවත්වා ඇති අතර එහිදී ඔහු කඳුළු සලමින් හඬා වැටුණු බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.
සිර මැදිරියක් තුළ තමන් ගෙවන කටුක ජීවිතය ගැන ම ඔහු තමන් සමග අදහස් පල කරන ලද බවද ඔහු කියා සිටියා.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා අදහස් පළ කරන බවත් ගම්මන්පිල මහතා තවදුරටත් කියා සිටියා.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රහස් පොලිස් භාරයේ සිටිනවා.