
රුපියල් මිලියන 87,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (16) සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 27,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.
එමෙන්ම දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කෙරෙනවා.