
යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට අමෙරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබෙනවා.
එහිදී තවත් පුද්ගලයින් 100ක වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ප්‍රහාරයත් සමග එම ස්ථානයේ දැවැන්ත පිපිරීමක් සහ ගින්නක් හට ගෙන ඇති බව සඳහන්.
හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය සිදුකළ බව අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කර තිබෙනවා.
කෙසේවෙතත් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් මියගොස් ඇති බව හූති කැරලිකරුවන් සඳහන් කර තිබෙනවා.