
2019 පාස්කු දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් යම් යම් තොරතුරු හෙළිදරව් වී ඇතැයි අගරදගුරු පදවි ජන සන්නිවේදක පදවි අධ්යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසනවා.
පසුකාලීනව තවදුරටත් හෙළිදරව් වූ තොරතුරු අනුවත් පිල්ලෙයාන් මෙම ප්‍රහාරය සඳහා සම්බන්ධ බවට සැක පහළ වූ බවද පියතුමා කියා සිටියා.
අසාත් මවුලානා ලංකාවට ගෙනවිත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පිල්ලෙයාන් පසුපස මෙම ප්‍රහාරය මෙහෙයවූයේ කවුදැයි සොයාගැනීමට හැකියාව ඇති බවද ඔහු සඳහන් කළා.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කළා.