
මහනුවර දළදා මාළිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ විශේෂ දන්ත ධාතු ප්‍රදර්ශනයේ, දිගු පෝලිම්වලට එක් නොවන ලෙස සංවිධායකයන් සහ බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියද, විශාල ජනකායක් තවමත් ඊට එක්වෙමින් සිටින බව වාර්තා වනවා.
අප්‍රේල් 18 වැනි දින ආරම්භ වූ ‘සිරි දළදා වන්දනාව’ ප්‍රදර්ශනය සැලසුම් කළ පරිදි හෙට (අප්‍රේල් 27) අවසන් වීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර ඊයේ තහවුරු කළා.
මේ අතර, ‘සිරි දළදා වන්දනාව’ ප්‍රදර්ශනය අඛණ්ඩව නවවැනි දිනටත් අද උදෑසන ආරම්භ වූ අතර, ආගමික කටයුතු පෙ.ව. 11.00ට ආරම්භ වුණා..
නවතම ඇස්තමේන්තුවලට අනුව, බැතිමත්තු 400,000 ක් පමණ දැනට පෝලිම්වල රැඳී සිටිනවා.
සැපයුම් දුෂ්කරතා සැළකිල්ලට ගනිමින්, වසර 16 කට පසු ප්‍රදර්ශනය කෙරෙන දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට තවදුරටත් පෝලිම්වලට එක් නොවන ලෙස බලධාරීන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.