
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් ඒ මහතාගේ කාර්යාලය විසින් නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා කියා සිටියේ “රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමෙන් පසුව අප්‍රේල් 11 දා ඔහු තමන්ගේ සමාජ මාධ්‍ය වල 11 වැනි දා එන්න විදියක් නැ” යනුවෙන් බව එම නිවේදනයේ සඳහන් වේ.
11 වනදා එන්න විදියක් නැති බවත් 17 වනදා කොමිසමට එන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළැයි නලින්ද ජයතිස්ස මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබූ බවද පවසනවා.
කෙසේ වෙතත් අප්‍රේල් 12 වනදා මඩකලපුවේ පැවති රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා ” ලියුමක් දුටු බව සඳහන් කර කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා 17 එන්න විදිහක් නැ අවුරුදු කනවලු” සඳහන් කරමින් බව ද එම නිවේදනයේ සඳහන් වනවා.
නමුත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිම අවස්ථාවක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසම වෙත ලිපියක් මගින් දැනුම් දීමක් කර නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය පවසනවා.
කොමිසම වෙත පැමිණිමේ දිනය කල් දමන ලෙස ඉල්ලා ලිපියක් යොමු කළේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙර්රා මහතා විසින් බවත් ඒ මහාතා එහිදි ඉල්ලා සිටියේ අප්‍රෙල් 17 වන දා දිනය වෙනුවට අප්‍රෙල් 28 වනදා යින් පසු දිනයක ලබා දෙන ලෙස බව පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයෙන් අනතුරුව අප්‍රෙල් 11 වනදා ලිපිය ට අනුව සාක්කි දිමට පැමිණන ලෙස සඳහන් කලත් අප්‍රේල් 21 වනදා අල්ලස් කොමිසම මගින් හිටපු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් 2023 අංක 09 දරණ දුෂණ විරෝධී පනතේ ප්‍රකාරව චෝදනාවක් ද එල්ල කර තිබු බව සඳහන් වනවා.
ඉන් පසුව අප්‍රේල් 25 වැනිදා අල්ලස් කොමිසමෙන් එවා තිබූ ලිපියේ තවදුරටත් සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් කර ඇති බවයි.
මීට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අප්‍රේල් 11 වනදා ලිපිය යොමු කර තිබුණේ අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා වන අතර ඉන් පසුව ලැබුණු ලිපි දෙකම යොමු කර තිබුනේ කොමිසමේ අධ්‍යාකෂ ජනරාල් අර්.එස්.ඒ . දිසානායක මහතා වීම ද විශේෂත්වයක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
